Friday, November 18, 2016

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොවට බලවත් ඉල්ලීමක්: මස් හා කිරි නිෂ්පාදන නොමැති ආහාර රටා අනුගමනය කරන්න​

ලොව දේශගුණ වෙනස්වීමෙන් වන දරුණුතම බලපෑම්වලින් ලෝකය​ බේරාගැනීමට සත්ව නිෂ්පාදන අනුභවය අඩු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවකින් පවසන ලදී.

බ්‍රසීලයේ හරක් ගොවිපළක්. ආර්ථිකය දියුණු වීමත් සමඟ ෆොසිල ඉන්ධන හා කෘෂිකර්මාන්තය  ඉහළ යන බැවින් දෙකම එක මට්ටමේ ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා සිටියි. 
ඡායාරූපය​: ඩැනියල් බෙල්ට්‍රා/ග්‍රීන්පීස්

සාගින්නෙන්, ඉන්ධන හිඟයෙන් හා දේශගුණ වෙනස්වීමේ දරුණුතම බලපෑම්වලින් ලෝකය බේරා ගැනීමට ලොව පුරා වීගන් ආහාර රටා අනුගමනය කිරීම ඉතා වැදගත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කර ඇත​.

ලොව පුරා ජනගහනය 2050 වර්‍ෂය වන විට බිලියන 9.1ක් පමණ වීමත් සමඟ මස් හා කිරි නිෂ්පාදන අධික බටහිර ආහාර රටා පෘථිවියට දරා ගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර වැඩ සටහනේ (UNEP) තිරසාර සම්පත් කළමනාකරණ මණ්ඩලය විසින් නිකුත් කරන ලද වාර්තාවක් පවසයි.

"ජනගහනය වැඩිවීම හා සත්ව නිෂ්පාදන අනුභවය වැඩිවීමත් සමඟ කෘෂිකර්මාන්තය නිසා වන බලපෑම් දැඩි ලෙස ඉහළ යා හැකි​" බව එය පවසයි. තවද​, "මිනිසුන්ට ආහාර අවශ්‍ය බැවින් ෆොසිල් ඉන්ධන වගේ නොව​, මෙයට විකල්ප සෙවීම අසීරු වේ. සත්ව නිෂ්පාදනවලින් තොර වන ලෙස​ ලොව පුරා ආහාර රටා වෙනස් නොකර​ බලපෑම් අඩු කිරීම කළ නොහැකි කාර්‍යයක් වේ."

"සත්ව නිෂ්පාදන නිසා වන විනාශය සිමෙන්ති, වැලි, ප්ලාස්ටික්, ලෝහ වැනි ඉදිකිරීම් ද්‍රව්‍යවලින් වන විනාශයට වඩා වැඩි" බව වාර්තාවේ ප්‍රධාන කර්තෘ වන මහාචාර්‍ය එඩ්ගර් හර්ට්විච් මහතා ප්‍රකාශ කරයි. තවද, "සතුන් සඳහා ජෛව ස්කන්ධය හා අස්වැන්න ෆොසිල් ඉන්ධන පුච්චනවා මෙන් විනාශකාරී වේ".

මෙම උපදේශය මීට කලින් වසරේ දේශගුණ වෙනස්වීමේ ආර්ථිකය පිළිබඳ කම්කරු ආණ්ඩුවේ පෙර උපදේශකයා වන​ නිකොලස් ස්ටර්න් සමිඳාණන්ගේ නිර්මාංශී ආහාර රටා ලොවට හිතකර යන උපදේශය අනුගමනය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණ වෙනස්වීම් පිළිබඳ අන්තර්-රාජ්‍ය මණ්ඩලයේ (IPCC) සභාපතිවන ආචාර්‍ය රජේන්ද්‍ර පචවුරි මහතාද​ කාබන් පිටකිරීම් අඩු කිරීම සඳහා අඩුම තරමින් සතියට එක් දිනයක්වත් මස් අනුභවය නවත්වන ලෙස මිනිසුන්ගෙන්  බලවත් ඉල්ලීමක් කර ඇත​.

කෘෂිකර්මාන්තය, වැඩියෙන්ම මස් හා කිරි නිෂ්පාදන​, ලොව මිරිදිය පරිභෝජනය 70%ක​ට, මුළු ගොඩබිම භාවිතය 38%ක​ට හා හරිතමය වායු 19%ක​ට වගකිව යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක පරිසර දිනයේදී නිකුත් කරන ලද මෙම වාර්තාව පවසයි.

ජනගහනය ඉහළයාම වැඩියෙන්ම සිදුවන දියුණු වෙමින් පවතින රටවල් බටහිර ලෝකේ වැඩිවන පරිභෝජනය අනුගමනය නොකළ යුතු බව නෝවේහි විද්‍යාව හා තාක්‍ෂණය විශ්වවිද්‍යාලයේ කාර්මික පරිසර විද්‍යා වැඩසටහනේද අධ්‍යක්‍ෂ වන මහාචාර්‍ය හර්ට්විච් මහතා පවසන ලදී: "දියුණු වෙමින් පවතින රටවල් අපේ ආදර්ශය අනුගමනය නොකළ යුතුයි."

මූලය​ | Original article: UN Urges Global Move to Meat & Dairy-Free Diet (The Guardian)

වීගන් යනු කුමක්ද​?

වීගන් යනු ආහාරයට​​, ඇඳුම් පැළඳුමට හෝ වෙන කිසිම කාරණයක් සඳහා සත්ව හිංසනය හා භාවිතය ප්‍රායෝගිකව හා පුළුවන් උපරිමෙන් ප්‍රතික්‍ෂේප කරන ජීවන රටාවයි.

එම නිසා වීගන් ආහාර මස්, කිරි, චීස්, බිත්තර, මී පැණි හා වෙනත් සත්ව නිෂ්පාදනවලින් තොර වේ.


වීගන් ආහාර රටා බොහොමයක් ඇත​. රට රටවල කන ආහාර අනුව​, පුද්ගලික කැමැත්ත හා අවශ්‍යතා අනුව මේවා වෙනස් වේ. 

වීගන් අය ලෙදර්/සත්ව සම්, ලොම්, වූල්, සිල්ක්, කුරුලු පිහාටු හා වෙනත් සත්ව නිෂ්පාදන බැහැර කරන අතර​, සත්ව උද්‍යාන​, සර්කස් වැනි සතුන් යොදා විනෝද කරන ස්ථානද ප්‍රතික්‍ෂේප කරයි. එදිනෙදා භාවිතා කරන සනීපාරක්‍ෂ නිෂ්පාදන සත්ව පරීක්‍ෂණ​ නොකරන ලද​, සත්ව ද්‍රව්‍ය නොමැති නිෂ්පාදන භාවිතා කරයි.

වීගන් දර්ශනය වන්නේ මිනිස් නොවන සතුන්ට තම ජීවිතය පිළිබඳ අයිතිය ඔවුනට ඇති බව වේ. එමෙන්ම, ඔවුන්ගේ දුක් විඳීමෙන් වැළකීමට ඇති ඕනෑකම වැනි මූලික අවශ්‍යතාවන්ට මිනිසුන්ගේ එම අවශ්‍යතාවයන්ට මෙන් සමාන සැලකීමක් දැක්විය යුතු බව හඳුනා ගැනේ. මේ අනුව සතුන්ගේ භාන්ඩ/දේපල තත්වය ප්‍රතික්‍ෂේප කරයි. මිනිස් ජීවිත මෙන්ම​, මිනිස් නොවන සතුන්ගේ ජීවිත වලටද මිලක් දිය නොහැකි බවත්, සතුන් වහල් කර ගැනීම​, මිනිස් අවශ්‍යතාවලට භාවිතා කිරීම හා මැරීම සදාචාරාත්මකව වැරදියි ලෙස දකියි. මෙය සත්ව අයිතිවාසිකම් වේ. 

මිනිස් නොවන සතුන් භාන්ඩ​/දේපළ ලෙස දැකීම හා සත්ව අයිතිවාසිකම් නොහැඳිනීම යන කාරණා නිසා සියලු සත්ව හිංසනය හට ගන්නා බව විශ්වාස කරයි. 

සතුන් යොදා මුදල් උපයන සියලුම ව්‍යාපාර සදාචාරාත්මකව වැරදි බවත්, එම කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රතික්‍ෂේප කළ යුතු බවත් වීගන් පුදගලයන් පවසන්නේ මේ හේතූන් නිසාය​.

දැන් ලොව වේගයෙන්ම පැතිරෙන සමාජ ව්‍යාපාරය වීගන් වීම වේ. ලොව පුරා වීගන් අය මිලියන ගනන් ඇත​. සදාචාර​, සෞඛ්‍යමය හා පාරිසරික හේතු මත මිනිසුන් වීගන් වෙමින් පවතියි.

ඇයි මිනිසුන් වීගන් විය යුත්තේ යන්න දැන ගැනීමට ගැරී යොරොෆ්ස්කීගේ කතාව සිංහල උපසිරස් සමඟ බලන්න​:



වීගන් වීම පිළිබඳ තොරතුරු සඳහා වීගන් ශ්‍රී ලංකා ෆේස්බුක් (Facebook), යූට්‍යූබ් (Youtube) පේජ් වලට පිවිසෙන්න​.

වීගන් ආහාර වට්ටෝරු සඳහා ග්‍රීන්මීල් (Greenmeal) බ්ලොග් එකට පිවිසෙන්න​.

To know about veganism, please visit The Vegan Society and Vegan Starter Kit.