About ගැන​

වීගන් වීම පිළිබඳ තොරතුරු සඳහා වීගන් ශ්‍රී ලංකා ෆේස්බුක් (Facebook) පිටුවට හා යූට්‍යූබ් (Youtube) නාලයට​ පිවිසෙන්න​.

වීගන් යනු ආහාරයට​​, ඇඳුම් පැළඳුමට හෝ වෙන කිසිම කාරණයක් සඳහා සත්ව හිංසනය හා භාවිතය ප්‍රායෝගිකව හා පුළුවන් උපරිමෙන් ප්‍රතික්‍ෂේප කරන ජීවන රටාවයි. එම නිසා වීගන් ආහාර මස්, කිරි, චීස්, බිත්තර, මී පැණි හා වෙනත් සත්ව නිෂ්පාදනවලින් තොර වේ.

Veganism is a way of living which seeks to exclude, as far as is possible and practicable, all forms of exploitation of and cruelty to animals for food, clothing or any other purpose. Vegan food is completely devoid of animal products.


[සිංහල​] වීගන් ආහාර රටා බොහොමයක් ඇත​. රට රටවල කන ආහාර අනුව​, පුද්ගලික කැමැත්ත හා අවශ්‍යතා අනුව මේවා වෙනස් වේ. 

වීගන් අය ලෙදර්/සත්ව සම්, ලොම්, වූල්, සිල්ක්, කුරුලු පිහාටු හා වෙනත් සත්ව නිෂ්පාදන බැහැර කරන අතර​, සත්ව උද්‍යාන​, සර්කස් වැනි සතුන් යොදා විනෝද කරන ස්ථානද ප්‍රතික්‍ෂේප කරයි. එදිනෙදා භාවිතා කරන සනීපාරක්‍ෂ නිෂ්පාදන සත්ව පරීක්‍ෂණ​ නොකරන ලද​, සත්ව ද්‍රව්‍ය නොමැති නිෂ්පාදන භාවිතා කරයි.

වීගන් දර්ශනය වන්නේ මිනිස් නොවන සතුන්ට තම ජීවිතය පිළිබඳ අයිතිය ඔවුනට ඇති බව වේ. එමෙන්ම, ඔවුන්ගේ දුක් විඳීමෙන් වැළකීමට ඇති ඕනෑකම වැනි මූලික අවශ්‍යතාවන්ට මිනිසුන්ගේ එම අවශ්‍යතාවයන්ට මෙන් සමාන සැලකීමක් දැක්විය යුතු බව හඳුනා ගැනේ. මේ අනුව සතුන්ගේ භාන්ඩ/දේපල තත්වය ප්‍රතික්‍ෂේප කරයි. මිනිස් ජීවිත මෙන්ම​, මිනිස් නොවන සතුන්ගේ ජීවිත වලටද මිලක් දිය නොහැකි බවත්, සතුන් වහල් කර ගැනීම​, මිනිස් අවශ්‍යතාවලට භාවිතා කිරීම හා මැරීම සදාචාරාත්මකව වැරදියි ලෙස දකියි. මෙය සත්ව අයිතිවාසිකම් වේ. 

මිනිස් නොවන සතුන් භාන්ඩ​/දේපළ ලෙස දැකීම හා සත්ව අයිතිවාසිකම් නොහැඳිනීම යන කාරණා නිසා සියලු සත්ව හිංසනය හට ගන්නා බව විශ්වාස කරයි. 

සතුන් යොදා මුදල් උපයන සියලුම ව්‍යාපාර සදාචාරාත්මකව වැරදි බවත්, එම කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රතික්‍ෂේප කළ යුතු බවත් වීගන් පුදගලයන් පවසන්නේ මේ හේතූන් නිසාය​.

දැන් ලොව වේගයෙන්ම පැතිරෙන සමාජ ව්‍යාපාරය වීගන් වීම වේ. ලොව පුරා වීගන් අය මිලියන ගනන් ඇත​. සදාචාර​, සෞඛ්‍යමය හා පාරිසරික හේතු මත මිනිසුන් වීගන් වෙමින් පවතියි.

ඇයි මිනිසුන් වීගන් විය යුත්තේ යන්න දැන ගැනීමට ගැරී යොරොෆ්ස්කීගේ කතාව සිංහල උපසිරස් සමඟ බලන්න​:



වීගන් විය යුත්තේ ඇයි | Why We Need To Go Vegan

වීගන් ආහාර වට්ටෝරු සඳහා ග්‍රීන්මීල් (Greenmeal) බ්ලොග් එකට පිවිසෙන්න​.


[English] There are many varieties of vegan diets which differ according to place, personal needs or preferences. 

Vegans reject the use of leather, fur, wool, silk, down and other animal products with regards to clothing, and also avoid entertainment involving animals such as circuses, aquariums and zoos. Personal care products used are that which are not tested on animals and contain no animal-derived ingredients. 

The vegan view is that nonhuman animals are entitled to the possession of their own lives and that their most basic interests—such as the need to avoid suffering—should be afforded the same consideration as similar interests of human beings. Therefore, the commodity status of animals is rejected, which means that giving a monetary value to their lives, enslaving them, and exploiting and killing them for human purposes are morally wrong—same as how it is considered wrong to do so to humans. This is what is known as animal rights. 

All animal cruelty stems from viewing animals as commodities and by not recognizing animal rights. This is why vegans consider it morally wrong for businesses to make money using animals and their bodies, and maintain that such businesses should be boycotted. 

Veganism is the world’s fastest growing social movement with millions of vegans from all walks of life around the world. People go vegan for ethical, environmental and health reasons. To know more on why people should go vegan, listen to Gary Yourofsky’s speech which is available with Sinhalese subtitles.


To know more information, connect with Vegan Sri Lanka on Facebook and Youtube.

You can also visit Vegankit and The Vegan Society.

2 comments: