Friday, November 18, 2016

වීගන් යනු කුමක්ද​?

වීගන් යනු ආහාරයට​​, ඇඳුම් පැළඳුමට හෝ වෙන කිසිම කාරණයක් සඳහා සත්ව හිංසනය හා භාවිතය ප්‍රායෝගිකව හා පුළුවන් උපරිමෙන් ප්‍රතික්‍ෂේප කරන ජීවන රටාවයි.

එම නිසා වීගන් ආහාර මස්, කිරි, චීස්, බිත්තර, මී පැණි හා වෙනත් සත්ව නිෂ්පාදනවලින් තොර වේ.


වීගන් ආහාර රටා බොහොමයක් ඇත​. රට රටවල කන ආහාර අනුව​, පුද්ගලික කැමැත්ත හා අවශ්‍යතා අනුව මේවා වෙනස් වේ. 

වීගන් අය ලෙදර්/සත්ව සම්, ලොම්, වූල්, සිල්ක්, කුරුලු පිහාටු හා වෙනත් සත්ව නිෂ්පාදන බැහැර කරන අතර​, සත්ව උද්‍යාන​, සර්කස් වැනි සතුන් යොදා විනෝද කරන ස්ථානද ප්‍රතික්‍ෂේප කරයි. එදිනෙදා භාවිතා කරන සනීපාරක්‍ෂ නිෂ්පාදන සත්ව පරීක්‍ෂණ​ නොකරන ලද​, සත්ව ද්‍රව්‍ය නොමැති නිෂ්පාදන භාවිතා කරයි.

වීගන් දර්ශනය වන්නේ මිනිස් නොවන සතුන්ට තම ජීවිතය පිළිබඳ අයිතිය ඔවුනට ඇති බව වේ. එමෙන්ම, ඔවුන්ගේ දුක් විඳීමෙන් වැළකීමට ඇති ඕනෑකම වැනි මූලික අවශ්‍යතාවන්ට මිනිසුන්ගේ එම අවශ්‍යතාවයන්ට මෙන් සමාන සැලකීමක් දැක්විය යුතු බව හඳුනා ගැනේ. මේ අනුව සතුන්ගේ භාන්ඩ/දේපල තත්වය ප්‍රතික්‍ෂේප කරයි. මිනිස් ජීවිත මෙන්ම​, මිනිස් නොවන සතුන්ගේ ජීවිත වලටද මිලක් දිය නොහැකි බවත්, සතුන් වහල් කර ගැනීම​, මිනිස් අවශ්‍යතාවලට භාවිතා කිරීම හා මැරීම සදාචාරාත්මකව වැරදියි ලෙස දකියි. මෙය සත්ව අයිතිවාසිකම් වේ. 

මිනිස් නොවන සතුන් භාන්ඩ​/දේපළ ලෙස දැකීම හා සත්ව අයිතිවාසිකම් නොහැඳිනීම යන කාරණා නිසා සියලු සත්ව හිංසනය හට ගන්නා බව විශ්වාස කරයි. 

සතුන් යොදා මුදල් උපයන සියලුම ව්‍යාපාර සදාචාරාත්මකව වැරදි බවත්, එම කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රතික්‍ෂේප කළ යුතු බවත් වීගන් පුදගලයන් පවසන්නේ මේ හේතූන් නිසාය​.

දැන් ලොව වේගයෙන්ම පැතිරෙන සමාජ ව්‍යාපාරය වීගන් වීම වේ. ලොව පුරා වීගන් අය මිලියන ගනන් ඇත​. සදාචාර​, සෞඛ්‍යමය හා පාරිසරික හේතු මත මිනිසුන් වීගන් වෙමින් පවතියි.

ඇයි මිනිසුන් වීගන් විය යුත්තේ යන්න දැන ගැනීමට ගැරී යොරොෆ්ස්කීගේ කතාව සිංහල උපසිරස් සමඟ බලන්න​:



වීගන් වීම පිළිබඳ තොරතුරු සඳහා වීගන් ශ්‍රී ලංකා ෆේස්බුක් (Facebook), යූට්‍යූබ් (Youtube) පේජ් වලට පිවිසෙන්න​.

වීගන් ආහාර වට්ටෝරු සඳහා ග්‍රීන්මීල් (Greenmeal) බ්ලොග් එකට පිවිසෙන්න​.

To know about veganism, please visit The Vegan Society and Vegan Starter Kit.

No comments:

Post a Comment