Wednesday, December 14, 2016

වීගන් විය යුත්තේ ඇයි?


සතුන් වෙනුවෙන්
සත්ව​ හිංසනයට එරෙහි වීම හා එය හැකිතාක් වැලැක්වීමට උත්සාහ කිරීම වීගන් වීමෙහි එකම අරමුණ නොවන නමුත් ප්‍රධානම හා බොහෝ දෙනාට ගෝචර වන්නා වු අරමුණ මෙයයි. සමහරුන් මෙසේ සිතන්නේ සතුන් හා ඇති වූ යම් බැඳීම් මත වන අතර බොහෝ දෙනා සියලුම සචේතන සතුන්ට නිදහසේ ජීවත් වීමට අයිතියක් ඇති බව දක්වයි. වසරකට බිලියන 150 කට අධික සත්ව ඝාතන සහ අනෙකුත් හිංසනයන්ට සම්බන්ධ නොවී සිටීමට හා ඒවාට එරෙහි වීමට ඇති එකම ක්‍රමය වීගන් වීමයි. මස් හා කිරි කර්මාන්ත වලදී සිදුවන අමානුෂීය සත්ව හිංසන ගැන වැඩි විස්තර සඳහා "Vegan Sri Lanka" YouTube චැනලය වෙත පිවිසෙන්න. තවද​, ගැරී යොරොෆ්ස්කීගේ කථාව බලන්න​.

තම සෞඛ්‍යය වෙනුවෙන්
සෞඛ්‍යය වැඩි දියුණු කර ගැනීම සඳහා වීගන් වන්නා වූ පිරිස දිනෙන් දින ඉහල යමින් පවතී. මස් මාංශ හා කිරිබිත්තර භාවිතා නොකිරීම බොහෝ ලෙඩ රෝග අවම කරන අතර දිගුකාලින සෞඛ්‍යය ප්‍රතිලාභද සලසයි. බොහෝ නව පර්යේෂණ මගින් මේ බව සනාථ කර ඇත. මනාව සකස් කරන ලද සමබල ආහාර වේලකින් ගැබිනිළදරු හෝ ජීවිතයේ වෙනත් ඕනෑම අවදියකට අවශය සියලුම පෝෂකාංග ලබා ගත හැක. වීගන් ආහාර රටාවකදී ලැබෙන්නාවූ මේද හා කොලෙස්ටරොල් ප්‍රමාණ​ ඉතා අවම වන අතර ඉහල තන්තු ප්‍රමාණ​යක් ලැබේ. පිළිකාහෘද රෝග හා දියවැඩියාව වැනි රෝග පාලනය සඳහාද වීගන් ආහාර රටාවක් දායක වන බව තහවුරු කර ඇත.



පරිසරය හා පෘථිවිය වෙනුවෙන්
වායු ගෝලිය උණුසුම ඉහල යාම සහ පරිසර දූෂණය අවම කිරිමට ප්‍රතිචක්‍රීකරණයජෛව ඉන්ධන වැනි බොහෝ ක්‍රමෝපායන් ඇති නමුත් මිනිසෙකුට ජීවත් විය හැකි පරිසර හිතකාමීම ක්‍රමය වීගන් වීමයිඑක්සත් ජාතීන්ගේ සංවිධානයද මිනිසුන්ට වීගන් ආහාර රටා අනුගමනය කරන ලෙස ඉල්ලා සිටියි.

මස් හා කිරි කර්මාන්ත වලින් පරිසරයට ඇති බලපෑම
මහා පරිමාණ​ සත්ව​ පාලනය පරිසර පද්ධතියට විශාල බලපෑමක් ඇති කරයි. මෙම සතුන් වෙනුවෙන් වැය වන ආහාර සහ ජල ප්‍රමාණය ඉතා ඉහලය. එසේම සත්ව​ ආහාර සඳහා ධාන්‍ය වගා කිරීමට විශාල වනාන්තර ප්‍රමාණයක් හෙලි කරනු ලබයි. සත්ව​ වාසස්ථාන අහිමි වීමට සහ ජීවීන් වඳ වීමට සත්ව පාලනය මෙසේ වක්‍රාකාරව දායක වීම සිදුවේයුරෝපා රටවලට සත්ව ආහාර සඳහා අවශ්‍යය සෝයා වගාකිරීම සඳහා බ්‍රසීලයේ පමණක් අක්කර මිලියන 5.6 ක ප්‍රමාණයක් භාවිතා වේ. වීගන් ආහාර වේලක් සඳහා නිර්මාංශ නොවන හා කිරි සහිත ආහාර වේලකට සාපේක්ෂව වැය වන ජලය සහ අස්වනු ප්‍රමාණය අතිශය අවමය. මෙසේ ජලය සහ අස්වනු විශාල වශයෙන් ඉතිරි වීමටද වීගන් ජීවන රටාවක් දායක වේ.  සත්ව​ පාලනයේදී නිපදවන ජීව වායූන් ගෝලීය උණුසුම ඉහල යාමටද විශාල දායකත්වයක් දරයි. වසරකට ආහාර සඳහා ඝාතනය කරනු ලබන ගොඩබිම් සතුන් ප්‍රමාණය බිලියන 56 ඉක්මවයි. මෙය කිසිසේත් නොසලකා හැරිය හැකි නොවන අතර යම් වාර්ථාවල ලෝකව්‍යප්ත හරිතාගාර ආචරණය සඳහා 51%ක දායකත්වයක් දෙනු ලබන්නේ සත්ව පාලනයෙන් බව පෙන්වා දෙයි. මෙය සියලු පොසිල ඉන්දන භාවිතයන්ගෙන් වන බලපෑමට වඩා ඉහල අගයක් වීම ගැටලුවකි නොවන්නේද?

මිනිසුන් වෙනුවෙන්
පරිසරය රැක ගැනීම අපගේ අනාගතය සුරක්ෂිත කරගැනීමට ඇති එකම ක්‍රමයයි. වීගන් වීම මෙයට දායක වනවා මෙන්ම මනුෂ්‍ය වර්ගයාගේ වර්තමාන යහපතද සලසාදේ. වීගන් ආහාර වේලක් නිපදවීමට අවශ්‍යය වන්නේ කිරි හා මාංශ ඇතුලත් ආහාර වේලක් නිපදවීමට අවශ්‍යය වන බිම් ප්‍රමාණයෙන් 1/3ක් පමණි. මෙසේ වගා කිරීමට අවශ්‍යය වන බිම් ප්‍රමාණය විශාල වශයෙන් අවම වේභූමිය ඉතිරි වේ. ලොව ධාන්‍ය අස්වැන්නෙන් 40%ක් වැය කරනුයේ මසට ඇති කරනු ලබන සතුන් වෙනුවෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ මෙම ප්‍රතිශතය 70% කි. මෙසේ වැය කරන ආහාර  ප්‍රමාණයෙන් මිනිසුන් බිලියන 4 කට ආහාර සපයිය හැක.

Cowspiracy වෙතින්

නිර්මාංශ​ වීම පමණක් ප්‍රමාණවත් නොවන්නේ ඇයි?
නිර්මාංශ​ වීමෙන් වසරකට ජීවිත සියගණනකට ජීවිත දානය ලැබෙන නමුත් සත්ව පාලනයේ අනෙකුත් අංග වලින් සිදු වන සත්ව හිංසනය අති විශාලය. කිරි හා බිත්තර වලින් සතුන්ට හානියක් සිදු නොවන බව මෙම කර්මාන්තකරුවන් අපට ඒත්තුගැන්වීමට උත්සාහ කලත් සත්‍ය එය නොවේ. සතුන් මෙම කර්මාන්ත වල වහලුනය. පිරිමි සතුන් කර්මාන්ත අපද්‍රව්‍ය ලෙස සලකා සමූලඝාතනය කරනු ලැබේ. කිරි ලබාදිය හැක්කේ මවකට බව පැහැදිලිය. එම නිසා එළදෙනුන්ට දිගින් දිගටම පැටවුන් ලැබීම සඳහා ඔවුන්ව කෘතිමව නිශික්ත ලක්කිරීම සිදුවේ. සරලව කිවහොත් එළදෙනුන් දූෂනයට ලක්වේමෙසේ ඉපදෙන පැටවාද ඉපදුනු සැනින් මවගෙන් ඉවත් කෙරෙන අතර මෙම පැටවුන්ට මවු කිරි හෝ මවගේ සෙනෙහස නොලැබේ. මෙම චක්‍රය කිහිප වරක් ක්‍රියාත්මක වී කිරි ලබා ගත හැකි වයස ඉක්මවූපසු මවු එළදෙනුන්ද ඝාතනාගාරය කරා යයි. වැඩිදුර තොරතුරු සහ දර්ශන සඳහා "Vegan Sri Lanka" YouTube චැනලයට යොමු වන්න.

To know why we should go vegan, visit the Vegan Starter Kit.

Tuesday, December 6, 2016

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය​: වීගන් ආහාර රටා මගින් 2050 වන විට මිනිස් ජීවිත මිලියන 8ක් බේරා ගෙන​, ගෝලීය උණුසුම් වීම නැවැත්විය හැක​


මස් අඩු, එළවළු හා පළතුරු වැඩි ආහාර රටාවලට ලොව වෙනස් කිරීමෙන් 2050 වන විට මිනිස් ජීවිත මිලියන 8ක් බේරා ගෙන​, හරිතාගාර වායු නිකුත්වීම් 2/3ක් අඩු කර​, සෞඛ්‍යමය වියදම් අඩු කළ හැකි වේ. තවද​, දේශගුණ ආශ්‍රිත හානි නිසා වන වියදම් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක් වැළැක්විය හැකි බව ඔක්ස්ෆර්ඩ් මාර්ටින් විද්‍යාල පර්‍යේෂකයන් සොයා ගෙන ඇත​.

Proceedings of National Academy of Sciences යන විද්‍යාත්මක සඟරාවේ පළ කරන ලද මෙම පර්‍යේෂණය, නිර්මාංශ ආහාර රටා කරා යාමෙන් වන සෞඛ්‍යමය හා දේශගුණික බලපෑම් සියලුම ප්‍රධාන ලෝක ප්‍රදේශවලට තක්සේරු කළ පළමු අවස්ථාව වේ.

"ආහාරවල අනාගතය​" (Future of Food) පිළිබඳ ඔක්ස්ෆර්ඩ් මාර්ටින් වැඩසටහනේ ප්‍රධාන කර්තෘ වන ආචාර්‍ය මාර්කෝ ස්ප්‍රිංමන් පවසන ලෙස​: "අපි අනුභව කරන ආහාර​ පුද්ගලික සෞඛ්‍යයට හා ගෝලීය පරිසරයට මහත් බලපෑමක් ඇති කරයි. බොහෝ ප්‍රදේශවල හා ලොව විශාලතම සෞඛ්‍ය ප්‍රශ්නය පවතින්නේ ක්‍ෂීරපායින්ගෙන් ගන්නා රතු මස් (හරක් මස්, ඌරු මස්, එලු මස් වැන්න​) අධික​, එළවළු හා පළතුරු අඩු සමබර නොවන ආහාර රටා නිසාය​. එලෙසම​, සියලු හරිතාගාර වායු මුදාහැරීම් කාලකටම ආහාර ක්‍රමය වගකිව යුතු නිසා, එය දේශගුණ වෙනස්වීමටද විශාල හේතුවක් වේ."

සෞඛ්‍යමය හා පාරිසරික බලපෑම් තක්සේරු කිරීමට පර්‍යේෂකයන් 2050 වසරට ආහාර ක්‍රම 4ක් සැලකීමට ගන්නා ලදී:
1. අනාගත ප්‍රක්‍ෂේපන ලෙස දැන් තියන තත්වයම පවත්වන ආහාර ක්‍රමය​​,
2. ලොව ආහාර නිර්දේශවලට​ අනුව එළවළු හා පළතුරු අවම ප්‍රමාණ ඇතුළත්, රතු මස්, සීනි හා මුළු කැලරි ප්‍රමාණ සීමා සහිත ආහාර ක්‍රමය​,
3. ආහාර නිර්දේශවලට අනුගත නිර්මාංශ (වෙජිටේරියන්) ආහාර ක්‍රමය​,
4. ආහාර නිර්දේශවලට අනුගත වීගන් (මස්, කිරි, බිත්තර හා වෙනත් සත්ව ද්‍රව්‍ය නොමැති) ආහාර ක්‍රමය​.

ලොව ආහාර නිර්දේශවලට අනුගත දෙවන ක්‍රමය පිළිපැදීමෙන් 2050 වන විට වසරින් වසර මරණ මිලියන 5.1ක් වැළැක්විය හැකි බව ඔවුන් සොයා ගෙන ඇත​. මෙයටත් වඩා ලාභ තුන්වන ක්‍රමය වන නිර්මාංශ​/වෙජිටේරියන් ආහාර රටාවලින් ලබා ගත හැකි (මරණ මිලියන 7.3ක් වැළැක්විය හැක​) අතර අවසාන ක්‍රමය වන වීගන් ආහාර රටාවලින් මරණ මිලියන 8.1ක් වැළැක්විය හැකි බව සොයා ගෙන ඇත​.

වැළැක්විය හැකි මරණ ආසන්න ලෙස භාගයක්ම රතු මස් අනුභවය අඩු කිරීමෙන් වන අතර ඉතිරි භාගය එළවලු හා පළතුරු අනුභවය වැඩි කිරීම හා කැලරි ප්‍රමාණය අඩු කිරීම යන දෙකේ එකතුවක් වේ. මේ සියල්ලෙන් මිනිසුන් අඩු ගනනක් තරබාරුවීම මරණ වැළැකිවීමට හේතු වේ.

2050 වන විට ගෝලීය උණුසුම්වීම 2°Cකට සීමා කළහොත් ලොවට දැරිය හැකි හරිතාගාර වායු මුදාහැරීම්වලින් භාගයක්ම ආහාර​-ආශ්‍රිත හරිතාගාර වායු බව මෙම පර්‍යේෂණය ප්‍රක්‍ෂේපනය කරයි. ලොව ආහාර නිර්දේශ අනුව දෙවන ක්‍රමය අනුගමනය කළහොත් ආහාර​-ආශ්‍රිත මුදාහැරීම් 29%ක් කපා හැරිය හැකි අතර​, නිර්මාංශ​/වෙජිටේරියන් ආහාර රටාවලින් 63%ක් හා වීගන් ආහාර රටාවලින් 70%ක් කපා හැරිය බව පර්‍යේෂණය පවසයි.

ආහාර රටා වෙනස් කිරීමෙන් වන ආර්ථික ලාභයන් ගැනද පර්‍යේෂකයන් සොයන ලදී. වෛද්‍ය අවශ්‍යතා, නොගෙවන ලද අනියම් සාත්තු හා පාඩු වූ රාජකාරි දින යන්න සලකන විට ඇමරිකානු ඩොලර් බිලියන 700-1000ක් ඉතිරි කළ හැකි බව ඔවුන් පවසයි. මරණයට පත්වීමට ඇති අවදානම අඩු වීමට සමාජය දෙන ආර්ථික වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයෙන් 9-13%ක් හෝ ඇමරිකානු ට්‍රිලියන 20-30ක් දක්වා ඉහළ විය හැක​. තවද​, ආහාර රටා වෙනස් කිරීමෙන් වන හරිතාගාර වායු මුදාහැරීම් අඩු වීමේ ආර්ථික ලාභය ඇමරිකානු බිලියන 570ක් දක්වා ඉහළ විය හැකි බව පර්‍යේෂකයන් සොයා ගෙන ඇත​.

"යහපත් සෞඛ්‍යයට හා පරිසරයට ඩොලර් වටිනාකමක් දීම සංවේදී කාර්‍යයක් වේ," යැයි ආචාර්‍යය ස්ප්‍රිංමන් පවසන ලදී. "නමුත් ආහාර රටා වෙනස් කිරීමෙන් සමාජයට විශාල ලාභ ලැබිය හැකි බව අපේ ප්‍රතිඑල පෙන්වා දෙයි. සෞඛ්‍ය හිතකාමී හා පරිසරයට ඉසිලිය හැකි ආහාර රටා ඇති කිරීමේ වැඩසටහන්වලට වැඩි වැඩියෙන් පුද්ගලික හා මහජන මට්ටමින් වියදම් කිරීම නැණවත් බව මෙම ලාභවල වටිනාකම පෙන්වා දෙයි."

මූලය​ | Original article: Veggie-Based Diets Could Save 8 Million Lives By 2050 & Cut Global Warming (Oxford University)